ඈත දුරක සිත ගෙන යන්නී
වසන්තයට අත වනනා
අවාරයේ පිපි මල් කැකුලී
වසන් කරන කඳුළු බින්දු
දෑස් පියන් යට සඟවාගෙන
දැහැනට සමවැදි තුන හිතම
අහේතුකවම සසල කල
හීන කුමරී නුඹ නොවේද
දැවෙන සිතට සිසිල රැගෙ
ඇදහැලෙනා තුහින වැස්ස
අඳුරු අහස් කුස එලිය
දිලෙන සරත් සඳට
හීන කුමරි නුඹ දුර නොවෙද
No comments:
Post a Comment