Thursday, 10 May 2012

සැඟවූ පෙම

ගොළු දෙනෙතින් ගැයූ
සවනට නොවැකුනු කවිය
සඟවා ගන්නේ කෙලෙසද
නොපෙනෙන්නට ලොවට

මන්ද මාරුතයක් සේ හමන
නුඹේ සුසුම් පවනින්
සසැලුණු මගේ සිත් මඩල
කෙලෙස නිසල කරගන්නද

ඇහිපිල්ලමක් යටට වී සිට
නෙත් කෙවෙනියට ඔච්චම් කල
සීතලම සීතල කඳුළු බින්දුවට
හැකිවේද හදේ ගිණි නිවන්නට

No comments:

Post a Comment