මේ සිද්ධියට පිටවාන මුහුණ දුන්නේ මීටඅවුරුදු ගණනකට කලින්. මට මතක විදියට 1998 දී විතර. ඒ වකවානුව වනකොට පිටවාන පාසල් අධ්‍යාපනය එහෙම ඉවරකරලා පාලුවට කාන්සියටත් එක්ක ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාවේ සහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ ක්‍රියාකාරකම් සඳහා පූර්ණ කාලීනව දායක වෙලා හිටපු වකවානුව.මේ සිද්ධිය වුනේ ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව මගින් පාසලක පවත්වපු ප්‍රථමාධාර පුහුණු වැඩමුළුවකදී.ශාන්ත ජෝන් ගිලන්රථ හමුදාව එහෙමත් නැතිනම් සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් කියන්නේ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය වගේම ස්වේච්චාවෙන් ගලවාගනීම් සහ ප්‍රථමාධාර සේවාවන් සපයන රාජ්‍ය නොවන සංවිධාන දෙකක්.
ඉතින් මේ සංවිධාන දෙකම වගේ නිතරම තමන්ගේ ක්‍රියාකාරී සාමාජිකයින් වැඩිකර ගැනීම සහ වැඩි පිරිසකට හදිසි අවස්තාවකදී තමන්ගේ ආරක්ෂාව සලසාගන්නේ කොහොමද ඒවගේම තමන්ගේ ආරක්ෂාව සලසාගනිමින් අන් අයගේ සුරක්ෂිතතාවය තහවුරු කරන්නේ කොහොමද කියන කාරනා ගැන අන් අය දැනුවත් කිරීමට සම්මන්ත්රණ, පුහුණු වැඩමුළු ආදිය නිතරම පවත්වනවා.එහෙම වැඩමුළු පවත්වද්දී අපි නිතරම උත්සාහ කරන්නේ පාසල් සිසුන් මේ සඳහා වැඩි වැඩියෙන් දායක කරගන්න. ඔන්න ඔය විදියට පවත්වපු පුහුණු වැඩමුළුවකදී තමයි මෙන්න මේ කියන සිද්ධිය වුනේ.
ඉතින් පුහුණු වැඩමුළුවේදී ප්‍රථමාධාර පුහුණුව ලබා දෙන්න කලින් මිනිස් සිරුර ගැන පූර්ණ වශයෙන් හැඳින්වීමක් කරනවා. මොකද පුහුණුවෙන් පසුව සමාජයට යන ප්‍රථමාධාර කරුවාට හදිසි අවස්තාවකදී අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙන්නේ පණ ඇති අනතුරට ලක්වූ අයෙක් නිසා ප්‍රථමාධාර පුහුණුවේදී වෙළුමක් දමන්නේ කොහොමද, කෘතීම ස්වසනය ලබා දෙන්නේ කොහොමද, හෘදයවස්තුව නතර වූ අවස්ථාවකදීනම් යලිත් හෘදය පනගන්වන්නේ කොහොමද වගේ මෙකී නොකී බැරෑරුම් කාරනා ගැන නිවැරදි පුහුණුවක් ලබා දෙන්නනම් මිනිස් සිරුර ගැන හොඳ දැනීමක් ප්‍රථමාධාර කරුවා සතුවීම අනිවාර්ය කරුණක්. ඒ වගේම රෝගියා රෝහල් ගත කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ භාරයට පත්කරන තුරු රෝගියාගේ පූර්ණ වගකීම ප්‍රථමාධාර කරුවා සතු දෙයක්.ඒ නිසා එක සුළුපටු කාරියක් එහෙම නෙවෙයි.ඉතින් ඔහොම මිනිස් සිරුර ගැන හඳුන්වාදීමක් එහෙම කරලා සිරුරේ අවයව පද්ධතිය ගැන හැඳින්වීමකට එන්න කලින් අස්ථි පද්ධතිය ගැන හැඳින්වීමක් කරන අතරේ පහල හිටපු සිසුන්ගෙන් මම ඇහුවා ප්‍රශ්නයක්. මොකක්ද අපේ සිරුරේ අස්ථි කොටස් කීයක් තියෙනවද ? කියලා. අස්ථි කොටස් දෙසිය හයකින් තමයි අපගේ සිරුරේ අස්ථි පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ඒත් පහල ඉන්න උන්ගෙන් කිසි උත්තරයක් නෑ. සභාව මීයට පිම්බා වගේ නිහඬයි. බලන් ඉඳලා බැරිම තැන පිටවාන වාන් දමන්න පටන් ගත්තා.
" ළමයි, දැනගන්න අපේ සිරුර සකස් වෙලා තියෙන්නේ අස්ථි කොටස්, එහෙම නැතිනම් ඇට දෙසිය හයකින්"
මෙන්න බොලේ ටික වෙලාවකින් කෙල්ලන්ගේ පැත්තෙන් කසු කුසු සද්දයක් ඇහෙනවා. කොල්ලෝ මීක් නෑ. බැරිම තැන පිටවාන ඇහුවා ලමයි මොකක්ද ප්‍රශ්නේ? අහන්න තියෙන දෙයක් අහන්න.කියලා. ඒත් කෙල්ලෝ ටික ඇඹරෙනවා විතරයි.නෝ කතා නෝ සිනා. බැරිම තැන පිටවාන කලේ වේදිකාව පල්ලෙහා හිටපු ගෑනු ළමයෙක් නැගිට්ටවලා ඇහුව මොකක්ද දැන් ඔය ලමයින්ට තියෙන ප්‍රශ්නේ කියලා.
" එතකොට පිරිමින්ට දෙසිය අටක් තියෙනවද සර් ?
කෙල්ල බිම බලාගෙනම ඇහුවා.
මාර කේස් එක කියන්නේ කොහෙන් ගියත් කෙල්ලන්ට කොල්ලන්ගෙ දෙක මතක් වෙන එකනෙ.
ReplyDelete+++++++
Deleteකියලා වැඩක් නෑ බොලල්ලා.
Deleteසික්කේ....මේ කෙල්ලෝ මට වඩා අන්තයිනේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මමනම් කලින් ඉඳන්ම දන්නවා.
Deleteඋඹ එහෙම ඒ වගේ වෙන්න එපා අඩවියෝ.
පස්ට මම අහල තිබ්බ. කතාව මතක් වුනා ආයෙත් !
ReplyDeleteඒ මොකක්ද සෑමෝ?
Deleteඇත්තනේ කෙල්ලෝ ප්‍රැක්ටිකල් පාඩම කරලා තියෙන නිසා ගැටළු ඇති වෙනවා තමා
ReplyDeleteහයියෝ කෑෂ් !!!!!!!!!!!
Deleteමටනම් වැරද්දක් පෙන්නේ නෑ ඒ අහපු ප්‍රශ්නේ.ළමයි තමන් අත් දකින දේවල් වලින් නේ ඉගෙන ගන්නේ. ;)(ඇයි වදේ)
ReplyDeleteඔව්. ඒ අහපු එකේ කිසි වරදක් පෙනෙන්නේ නෑ මටත්.ඇත්තටම නව යොවුන් වයස කියන්නේ ලෝකේ හැම දෙයක්ම දිහා කුතුහලයෙන් බලන කාලයක්. ඉතින් එහෙම කුතුහලයෙන් බලන කෙනෙක් අතට වැරදි තොරතුරු පත් වුනාම වෙන්නේ මහා විනාශයක්.ඒ නිසා දෙමව්පියන් වගේම ගුරුවරුනුත් දැනගන්න ඕනේ සංස්කෘතික කඩතුරාවෙන් සත්‍යය වහන්නේ නැතුව විවෘතව පැහැදිලි කරන්න.
Deleteඒ කොහොමද දෙකක් වැඩි වෙන්නේ.. ලංකාවේ කතාවක් නෙමෙයි මගේ හිතේ. උඹගේ යුතු කමක් තියෙනවා ඒක සඳහන් කරන්න..
ReplyDeleteලංකාවේ කතාවක් තමයි. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තරන් ගිරක් පාමුල තියෙන මාධ්‍ය මහා විද්‍යාලයකදී තමයි මේක වුනේ.
Deleteවෙන්න බෑ ලංඪිකාවේ කර අබලා තියෙන්නේ ගොඅඩක් අයගේ..
Deleteමේකෙම මිනිස් සිරුරේ ඇති පිටතට නිරාවරනය වුනු සිදුරු ගැන පරිච්චේදයක් වෙලාවෙදි අපේ අහිංසක කොල්ලො ටිකට මොන තරම් නම් ප්‍රශ්න හිතට ගලා ගලා එන්න පුලුවනිද දෙයියනේ.
ReplyDelete