Friday 1 June 2012

ඉකිබිඳින සිත

අතීතයේ එක දවසක
එකම මගක එකට යන්න ඕනේ අපි
ගියා දෙපැත්තකට,
අනන්තයට විහිදෙන පාර දිගේ.
ඔබ හිතුව ඔබ හරි කියලා
මම හිතුවා, නෑ මමයි හරි කියලා.
කොහොමින් කොහොමින් හරි
එක තැනක ඉන්න  ඕනේ අපි
අද එකම මගක දෙකෙලවරේ.
මට  හරි තෙහෙට්ටුයි.
ඔබටත් එහෙම වෙන්න ඇති.
ඒත්  මම දන්නවා,
අපි දෙන්නම ආපහු හැරිලා
හැල්මේ දුවගෙන ආවත්
අපිට කවදාවත් එන්න බෑ
එදා  අපි වෙන්වුණු තැනට.
ඒ තරමට අද අපි දුරස් වෙලා.
ඒත්  මගේ හිත මුමුණනවා  මට
අපි දවසක මුණගැහෙයි කියලා,
කවදා හරි දවසක.
මැරෙන්න මොහොතකට කලින්හරි.
එදාට  ඔබෙන් වුනු වැරදි
ඔක්කොම අමතක කරලා,
උද්දිකාරෝ  කියන්න
මම පැකිලෙන්නේ නෑ.

No comments:

Post a Comment