Friday 1 June 2012

නුඹ නැතත් මාගාව

මහපාර අද්දර මැයි මාර ගස් සෙවන
මා ලඟින් නුඹ නැතත් සෙවන දෙනවා තාම
මේ සෙවන යටට වී අපිදෙන්නා මැවු හීන
මගේ සිතට වද දෙනවා නුඹ නැතත් මා ගාව

තක්සලා සෙවන යට අපි දෙන්න හමුවෙලා
මිතුදමින් බැඳි සිතුම් දුරක පියමන් කලා
කඳුලැල්ල හසරැල්ල ලඟදි නොවෙනස් වෙලා
අපි හිඳිමු යයි කීවේ මගේ සුරත ගෙන ඔයා

ඉසුරුමුණි පෙම් යුවල අපිදෙන්නා වාගෙමයි
අපිව දුටු දහක්දෙන කීවෙනම් එහෙමමයි
පෙර වගේ ඔබ නැතත් සෙනෙහසින් මා ලඟින්
ඉසුරුමුණි පෙම් යුවල තව එදා වාගෙමයි

No comments:

Post a Comment