Thursday 10 May 2012

බහිරවයාට පැනයක්

මිහි කුස ගිලුණු රන් මිණි මුතු
සුරකිනු පිණිස
වෙසමුනියාගෙන් වරම් ගත්
බහිරවයෝ,
උඹේ මිදුල මැදටම ඇවිත්
පුරාවස්තු හාරනකම්
උඹ නිදි වැදුනද?
බහිරවයා කලකිරුණු හඬින්
කෙඳිරීය මෙලෙසින්.
වෙසමුනියාගේම මුර බල්ලන්
ඇවිත් හාරනකොට මිදුල
නිදියනවා හැරෙන්නට
අසරණ මං මක්කොරන්නද
ආයිබොවන්.

No comments:

Post a Comment