Thursday 10 May 2012

පුනරාවර්තනය

තල් අරඹ කපාගෙන
පායන හඳට පුලුවන්නම්,
ක්ෂිතිජයට ඉහලින් පායන
ඉරටත් පුලුවන්නම්
වෙනසක් නැතුව එලිය දෙන්න,
ඇයි උඹලාට බැරි හිතන්න
අපිත් මිනිස්සු කියලා.
අද එනවා හෙට එනවා කියන
වසන්තය දිහා
බලාගෙන ඉඳලා රිදුම් දෙන
බලාපොරොත්තුවේ දෑසත්
පුරාජේරු කතා අහලම අගුළු වැටුණු
අපේක්ෂාවේ දෙසවනුත් ඉවසුවාට,
වසන්ත මිරිඟුවට රැවටිලා
ජීවිතය නිලංකාර වෙන්න කලින්
මාධවන් වරෙන්,
කමලිනී වරෙන්,
ජේසුදාසන් මාමාගේ වත්ත පහල
සීරුවට වලදැමූ
අතීතයවත් ගොඩදමන්න.

No comments:

Post a Comment