Friday 1 June 2012

නුඹ

සේපාලිකා මල් ඇහැරෙන රෑ
වහන්වෙලා සඳ කොහෙද ගිහින්
තරු විමසනවා පිණී කඳුළු ඇසින්
සඳු තාම නෑ ...................
හිස් අහස පුරා තරු කැටවිතරයි
ඔබ තාම නෑ ...................
හිත් අහස පුරා ඝනඳුර විතරයි

සුසුම් සුළං කිති කවනා මුත් සිත
සිනාවකට මුවමඬල දුරයි ..........
මගෙන් දුරස්වී ඈතක ගියමුත්
සිතින් නුඹට මා බොහොම ලඟයි
ඉකිගසමින් සිත පවසන දේ .....
පිළිගන්නත් බෑ......................
නොපිලිගෙනත් බෑ

පවන් රැලක්සේ සෙමින් සෙමින් විත්
නිසසල සිතමගෙ සසල කලේ.......
සැනෙන් වෙනස්වී කුණාටුවක් වී
සසැළුණු සිත සුනු විසුනු කලේ
ඔබම තමයි කියලා ......
පිලිගන්නත් බෑ ....................
නොපිලිගෙනත් බෑ

No comments:

Post a Comment