Friday 1 June 2012

(හුද)කලා උපාධිධාරියා

පොත්, 
පැන්සල්,
වතුරබෝතල්,
පොත් බෑග්,
කිරිකොක් සුද,
පහේ ශිෂ්‍යත්වේ,
ටියුෂන්,
සා / පෙළ,
ආයෙත් ටියුෂන්,
කැලෑවට නොයන සිත,
උසස්පෙළ,
නවක වධය,
උගසට සින්න වුනු සන්තකය,
පොතටම දිය වුනු තාරුණ්‍යය,
උපාධිය,
ඉල්ලුම්පත්තර,
සම්මුඛ පරීක්ෂණ,
සලකා බලන්නම්,
බාලගිරිගේ  කැඳවීම් ලිපිය,
උද්ඝෝෂණ සත්‍යග්‍රහ,
පිටගම් ගිය පෙම,
ටං.ටං.ටං...................................
කළුගල් මෝලේ සංගුව.

No comments:

Post a Comment