Tuesday 9 October 2012

මට්ටයෝ,මැට්ටෝ සහ රියැලිටි බෞද්ධයෝ



                             ඉහතින් පලකල චායාරූපය පිටවාන විසින් කැමරාවේ  සටහන් කරගත්තේ මීට මසකට පමණ උඩදී ජෝර්දාන් දේශසීමාවේ සිට සවුදි අරාබියේ මක්කා නගරය දක්වා වැටී ඇති අධ්වෙගී මාර්ගයේදීය. වර්ග කිලෝමීටර මිලියන ගණනක් පුරා පැතිරුණු මේ සරුසාර තෘණ භූමිය ඉස්ලාමයේ උපන් බිමයි. ඔවුන්ගේ දෘෂ්ටි කෝණයට අනුව මෙය සරුසාර තෘණ භූමියක් වන නමුදු අපේ රටේ අර්ධ ශුෂ්ක දේශගුණික කලාප වන මන්නාරම සහ අම්පාර වැනි ප්‍රදේශ හා සසඳන කල්හි මෙය කාන්තාරයක්ම පමණි.දල වශයෙන් මෙයට වසර එක්දහස් පන්සියයකට ආසන්න කාලයකට පෙර ඉස්ලාමය උපත ලබන්නේ මේ බිමේ සංචාරක එඬේර ජීවිතයක් ගත කල අරාබි ජාතිකයින් අතරින්ය. ගිම්හානයේ සෙල්සියස් අංශක 50 ඉක්මවන දැඩි උණුසුමත් හමනා දැඩි සුළඟ මගින් රැගෙන එන වැලි ප්‍රවාහ වලින්ද ශීත කාලයේ සෙල්සියස් අංශක 0 දක්වා පහල බසින කටුක දේශගුණික කලාපයක සංචාරක ජීවිතයක් ගත කරමින් ජීවිතය සමඟ පොර බදන අතරේ සෙසු ගෝත්‍ර වලින් එල්ලවෙන තර්ජන වලට මුහුණ දෙමින් කල් ගත කරන වකවානුවක තමයි  අල්ලාහ් ගේ නියෝජිතයා ඔවුන් හමුවේ පහල වෙන්නේ. ( මේවා ඔවුන්ගේම වචන වන අතර යමෙකුගේ ආගමක් හෝ දර්ශනයක්  තමා අදහන ආගමක හෝ පිළිපදින දර්ශනයක් මත සිට විවේචනය කිරීමට හෝ සාධාරණීයකරණය කිරීමේ අදහසක් හෝ අයිතියක් පිටවානට නැත.) ඉතින් එවැනි කටුක පරිසර සාධකත් නිරන්තරයෙන් අනෙකුත් ගෝත්‍ර සමඟ ඇතිවන ගැටුම් වලිනුත් හෙම්බත්ව සිටි ජන කොට්ඨාශයක් තුලින් පැන නැගුනු ඉස්ලාමය පරම අවිහිංසාවාදී දහමක් වීමට කොහෙත්ම ඉඩක් නැත. ආගමකට වඩා පාලන ක්‍රමයකට නෑකම් කියන ඉස්ලාමයේ ශුද්ධ වූ ලියැවිල්ල වන ශුද්ධවූ කුරානය තුලද වැඩි වශයෙන් සඳහන් වෙන්නේ එකී පාලන ක්‍රමය ඉදිරියට ගෙන යාමටත් ව්‍යාප්ත කිරීමටත් උවමනා නීති රීති සියල්ලත් මිනිසා යහපත් මිනිසෙක් කිරීමට ඉවහල්වන දේශනාවනුත්ය. ( යහපත් මිනිසෙක් යනුවෙන් අදහස් කලේ එවකට පැවති සමාජයට සාපේක්ෂව යන අදහසින්ය.) මේ කරුණු ගැන කෙටියෙන් සලකා බැලූ පිටවානට පහත සඳහන් නිගමන වලට එළඹීමට හැකි විය.


1)  සංචාරක එඬේර දිවියක් ගත කල බැවිනුත් කෘෂිකර්මාන්තය උචිත නොවන දේශගුණික තත්වයත් නිසා ඔවුන්ගේ ආහාර රටාව අනිවාර්යයෙන් මාංශ වර්ග වලින් සමන්විය යුතුය. සතුන් පණ පිටින් ආහාරයට ගැනීමට නොහැකි නිසා ඔවුන් මරා ආහාරයට සුදුසු ලෙසින් සකස් කල යුතුය. නැතිනම් සතුන් හුරතලයට තබාගෙන පස් හෝ ගල් කා කුස පුරවා ගත යුතුය.එම නිසා ජනමුලයකින් හටගත් ආගමක් වන කුරානය තුල සත්ව ඝාතනය අනුමත කිරීමටත්  සතුන් මිනිසාගේ ආහාරයට මවා ඇති බව සඳහන්වීමටත් ඇති ඉඩ කඩ උපරිමයක් මිස අවමයක් නොවේ.


2)  නිරන්තරයෙන් අනෙකුත් ගෝත්‍රික කණ්ඩායම් වලින් එල්ලවෙන ප්‍රහාර නිසා ජීවිතය රැකගනීමටනම් සටන් කල යුතුය. සටනකදී ජීවිත නැතිවීම සාමාන්‍ය දෙයකි. ( මෙච්චර බණ අහන රටේ අපේ උන්දලාත් එල්.ටී.ටී සංවිධානය විනාශ කිරීම සාධාරණීයකරණය කරනවානම් ඔවුන්ටත් එම කාරනාව පොදු වීම වැළක්විය නොහැක.) එම නිසා විරුද්ධවාදීන් අසිපතේ බලයෙන් යටපත්කර දැමිය යුතු බව ඉස්ලාමයේ සඳහන් වීම සාධාරණය.


3)  අද දවසේ බොහෝ දෙනා කතා කරන මුස්ලිම් ව්‍යාප්ත වාදය ගැන පිටවාන දරන්නේ මෙහෙම අදහසක්. ඉස්ලාමය යනු එක පුද්ගලයෙකුගෙන් ආරම්භ වුනු දහමක්  (පාලන ක්‍රමයක් ) බැවින් ඔවුන්ට සමාජ දේශපාලනික වශයෙන් ශක්තිමත් වීමට නම් තමන්ගේ ප්‍රජාව වර්ධනය කරගැනීම අනිවාර්ය සාධකයකි. එම නිසා අභ්‍යන්තර වශයෙන් බහු විවාහ වැනි සංකල්පත්  බාහිරින් ආගම ප්‍රචාර කිරීම මගිනුත් පිරිස් බලය වැඩි කරගැනීම ඔවුන්ගේ උපක්‍රමයක් බවට පත්වූ බවය.

                          ලෝකයේ ආගම් අතර අතිශය සංවෘත ආගමක් වන ඉස්ලාමය   කුරානය අනුගමනය කිරීම  හැර ඉන් පරිබාහිරව කටයුතු කිරීම නිසා අද දවසේ පවා ඉස්ලාම් භක්තිකයන්  අනුගමනය කරන්නේ මීට වසර එක්දහස් පන්සියයකට පමණ පෙර ශුද්ධවූ කුරානය සම්පාදනය කල වකවානුවේ එවකට පැවති සමාජ ක්‍රමය වෙනුවෙන් සකස් කල නීති රීති බැවින් මුසල්මානුවන් නොවන අපහට ඔවුන්ව ම්ලේච්චයන් ලෙස පෙනීම අරුමයක් නොවේ. කොටින්ම ඔවුන් අද දවසේ අනුගමනය කරන ඇතැම් නීති රීති ශිෂ්ඨ සම්පන්න ලෝකය අනුමත කරන ඒවා නොවන නමුත්  ඒ සඳහා කිසිවෙකුට විකල්ප ඇත්තේද නැත. එමෙන්ම ඉස්ලාමයේ ඇතැම් කොටස් සමස්ත ඉස්ලාමය යයි අර්ථකථනය කරන මුස්ලිමුන් කරන ත්‍රස්තවාදී ක්‍රියාත් එම ත්‍රස්තවාදී ක්‍රියා දෙස බලා සමස්ත ඉස්ලාමයම මේ ලෙස යයි හඬ තලන අයත් අතර වැඩි වෙනසක් පිටවානට නොපෙනෙන බවද කිව යුතුය.මීට දින කිහිපයකට පමණ පෙර කොළඹ නගරයට රැස්වී මුස්ලිම් විරෝධී ආකල්ප වපුරමින් බංග්ලාදේශයේ බොදුනු සංහාරයට එරෙහිව සත්‍යග්‍රහ කල බොදු බල සේනා නම් සංවිධානය මෙන්ම ෆේස් බුක් වැනි සමාජ ජාල උපයෝගී කරගනිමින් මුස්ලිම් වරුන්ට එරෙහිව විරෝධාකල්ප වපුරන රියැලිටි බෞද්ධයිනුත් තලේබාන් වරුනුත් යනු එකම කාසියක දෙපැත්තක් මිස දෙකක් නොවේ. වෙනසකට ඇත්තේ අපේ තලේබාන්වරු තමන්ට උවමනා ලෙසට බුද්ධ දර්ශනය වෙනස්කරගෙන තිබීම පමණකි.මුස්ලිම් ව්‍යාප්තවාදයට එරෙහිව එකමුතු වීම වෙනුවට හැටකට අධික දේශපාලන පක්ෂ වසයෙන් බෙදී සිටිමින් නටන මේ මේ නාඩගමේ අවසානයනම් එතරම් ශුභ දායක වීමට කොහෙත්ම ඉඩක් නැති බව පිටවානට සිතෙයි. තමන් අදහන ආගමක හෝ අනුගමනය කරන දර්ශනයක රාමුවකට කොටුවී තමන් සතු මිනුම් දඬු වලින් අන්යාගමිකයින්ගේ දිග පළල සෙවීමට යාම හරියටම තමා නිරුවතින් සිට අනෙකාගේ අඹුඩයට හිනාවීමක් වැනිය.




11 comments:

  1. ඉතාම හොද පෝස්ටුවක්. අදයි ඔබව ඇස ගැටුනේ. දිගටම ලියන්න.
    ඔබගේ අඩ්විය ගැන මගේ සිංඩියෙනුත් හැකි ප්‍රචාරයක් ලබාදෙන්නම්.
    මෙවනි ලිපි හැකි තරම් පිරිසක් වෙත ගෙන යායුතු යැයි මම සිතනවා. ජය වෙවා..........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මිත්‍රයා.

      Delete
  2. ඔබේ කතාවට මාත් එකගයි.නමුත් මුස්ලීමුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යන බවක් තමා මට හිතෙන්නේ.

    අනික සමාජ ජාල හරහා ලොව ප්‍රබල පාලන තන්ත්‍රයන් ඇද දැමීමට කුමණ්ත්‍රණ ක්‍රියාත්මක උනා.ඒ නිසා මේ මුස්ලිම්වරුන්ට කරන එදිරිවාදිකම් එහෙම විය හැක.මන් දැක්කා බුද්ධාගමට අපහාස වන ආකාරයට මුස්ලිම්වරු විසින් එෆ්.බී එකක් කරගෙන යනවා.සමහරවිට එය තවත් ජාතිවාදය අවුස්සන තමත් බෞද්ධයකුගේ වැඩක් විය හැකියි.

    තමන්ගේ ආගම තමා විසින්ම විනාශ කරන ජාතියක් විදිහටයි මං දකින්නේ බෞද්ධ ජාතිය.එහෙම තත්වයක් තියෙද්දි මුස්ලිම්වරුන්ට චෝදනා කිරීම සාධාරණ නෑ.මං කිසි විටෙක මුස්ලිම් ව්‍යාප්තිවාදය තහවුරු කරන්නේ නෑ.ඒත් අපි අන්‍යාගමිකයන් නොබැන අපේ ආගම අපි රැක ගතයුතුයි

    ReplyDelete
    Replies
    1. ඔව් ධම්මික, මම ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ක්‍රියාකලාපය අනුමත කරන්නේ නෑ. ඒ වගේම මේ තලේබාන් බෞද්ධයින්ගේ ක්‍රියාකලාපය අනුමත කාන්නෙත් නෑ. අල්ලපුවත්තේ හතරමායිම හොයන්න කලින් තමන්ගේ වත්තේ හතරමායිම් හොයලා බලන එකයි වැදගත් වෙන්නේ.

      Delete
  3. නොදන්නා අඩවියකට මා රැගෙන ගිය මේ අපූරූ අකුරු වියමණ කාලෝචිතය.වෙසසින්ම සිරුර පුරා බුද්ධ ආගම (බෞද්ධ දර්ශණය නොවේ) ආලේප කරගත් තලේබාන් බෞද්ධයන්ට වහකදුරු විය හැක්කකි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොලින් අයියේ.

      Delete
  4. අනේ මන්ද බං. පන්සලකට ගිහින් තමන්ගෙ ආගම වත් හරියට නොඅදහන උන් වෙන ආගම් වලින් තමන්ගෙ ආගමට බලපෑම් කිය කිය ෂෙයාර් කරනව එක එක මගුල්. ඒ අස්සෙ තමන් හරියට ආගම අදහනවද කියල හොයල බැලුවනම් ඇඩෙයි !

    ReplyDelete
    Replies
    1. සෑමෝ, තමන්ගේ වැරදි හදාගන්න එකට වඩා අනුන්ගේ වැරදි උලුප්පලා ඒවගෙන් තමන්ගේ වැරදි වහගන්න හරි ලේසියිනෙ බං.

      Delete
  5. ෆේක් බුක් එකේ පින්තූර දාගෙන පිස්සු කෙලිනවා. මුස්ලිම් උන් බුද්ධ රූප විනාශ කරලා කියලා. මෙහේ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදන් ගොඩ ගන්න ඕන කියලා බයිලා ගහනව සිවුර පෙරවගත්ත එකෙක්. ඉතින් මැති අමතිවරු බුදු පිලිම විනාශ කර කර නිදන් හොයනව හෝ ගාලා. ඒවට එකෙක් කතා නෑ. නියම තලේබාන් බෞද්ධයෝ තමයි දැන් ඉන්නේ. කොයි වෙලාවෙද කාට හරි ගේමක් දෙන්නේ කියලා බලාගෙන ඉන්නේ.

    අනේ බුදු හිමියනේ ඔබ වහන්සේ නිවන් දැක්කේ ඇයි....?

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ත තැනක ඉඳලා බලනවානම් අපේ ස්වාමීන් වහන්සේලා කරන්න ඕනේ ධර්ම සංගායනාවක් පවත්වලා ශාසනය පිරිසිදු කරගන්න එක. ඒත් උන්නාන්සේලාත් දැන් බැබලෙන්න ආසාවට ෂොට් කට වලින් නිවන් යන්න හදනවා.

      Delete
  6. කට ඇරපං මචං මසුරමක් දාන්න. හරියටම මැදහත්ව ලියලා තියෙනවා.

    ReplyDelete