Friday 1 June 2012

බුදු පුතුනේ

පෝය හඳේ රන් කිරණින් නැහැවී
සෙවනැලි සදනා බෝ සෙවනේ
මධුර හඬින් නුඹ දෙසනා බන පද
සවනට වැටුනා  පුතනුවනේ
පුතා කියන්නට අවසර නෑ මට
සමාවෙයන් බුදු පුතනුවනේ

සෙල්ලම් වයසක් ගෙවනා මුත් නුඹ
සෙල්ලමකට නෑ හිත යන්නේ
 සම වයසේ දරුවන් මැද නුඹ
කොහොමද සන්සුන් ලෙස ඉන්නේ

හතර වරිගයක් නිවන් දකින්නට
නෙවෙයි පුතේ නුඹ දන් දුන්නේ
වැලේ උපන් ඵල වැලට බර වුනා
ඒකයි සසුනට නුඹ පිදුවේ

No comments:

Post a Comment