Friday 1 June 2012

රුවැත්තියේ

රුවැත්තියේ 
මටත් හොරෙන් නුඹ මගෙන් සොරාගෙන 
ගිය මගේ ආදර සිත 
දෙන්නට හැකිනම්  එදා තිබුණු  ලෙස 
සිතට නොවේ  මේ දුක


 කල්ප කාලයක්  පෙරුම් පිරූවත්
ඉටු නොවෙනා  බව දැන
පෙරුම් පිරූමුත් දෙදෙනා  එක්වී 
නුඹට නොවෙයි  දුක  මට 
නුඹට නොවෙයි  දුක  මට

සිතට දැනෙන දුක  සුසුමක දියකර 
මඳ සුළගේ  පා කර 
නුඹට එවන්නට  සිත රිදවන්නට 
හදාගන්න බෑ සිත 
හදාගන්න බෑ සිත 

No comments:

Post a Comment