Saturday 23 June 2012

බලාපොරොත්තුවක්

වසාගත් දෙනෙතින් යුතුව
තුලාව සමබරකරන්නට
වෙහෙසෙන අතරේ
උහු මා නිරුවත් කොට
මා ගත රැඳුනු සළුවෙන්
මැරයින්ගේ විලි වැසූහ.

ඉනික්බිතිව  උන්
දෙනෝදාහක් ඉදිරියේ
විමානයේ පියගැටපෙළ මතදීම
මා දූෂණයකරන ලදහ.
මාගේ  සරණ පැතූ උන්ද
නොපැතූ උන්ද නිහඬවම
මාදෙස බලා සිටියා මිස
කිසිවක් කීවේ නැත.
ඇසුවේද නැත.

උන්ගේ ලෙයින් පිළිසිඳගත්
අවජාතක කළලය
දරා සිටිමි කුස තුල.
ප්‍රසූත කල නොහැකි නිසාම.
බලා හිඳිමි උපේක්ෂාවෙන්
දිනෙක ප්‍රාර්දුභුත වෙනතුරු
ඔබ  අතරින්ම වෙදැදුරෙක්
ගබ්සාව පිණිස.


2 comments: