Friday 1 June 2012

හිරු නොබසින අධිරාජ්‍යයේ සොයුරියට

තේම්ස් නදිය පිස හමන සිසිල් සුළඟ
ටවර් පාලම මතට වී විඳින්නට,
කරකැවෙන ලන්ඩන් ඇසට වී
සුද්දෙක් වගේ ලෝකය දකින්නට,

හිරු ගිලෙන හවසක හුදකලාවම
ට්‍රැපල්ගා චතුරශ්‍රයට ගොස්
නෙල්සන් සමඟ සතුටු සාමීචියේ
යෙදෙන්නටත්  හිතුනාට,

හෙට දින ලෝකය දකින්නට
පෙරුම් පුරන කිරිසප්පයින්ගේ
ජීවිත උගසට තබා සූදු කෙලින
නල කුමරු වැනි සූදු අන්තුවන්ද

ජාතික ධනය අම්මා අප්පාගේ
බූදලය මෙන් කාබාසිනියා කරන
කාපාලු දේශපාලුවන්ගේ නරි නාටක
නිහඬව බලා ඉන්නට බැරි කමට

කොටින්ම කියනවානම් සේෆ් මූඩ්
බොත්තම රහිතව ඉපදුනු වරදට
ගහගෙන යන ජලයේ ඔහේ පා නොවී
උඩු අතට පීනන එක දිහා

මැදහත් සිතින් යුතුව විමසා
බලනු මැනවි, ලද ඇසිල්ලකදී
නොවැරදීමඔබ  දකිනු නියතයි
මේත් "මිනිස්සු" යයි කියා

No comments:

Post a Comment