Thursday 10 May 2012

හීන කුමරි

හීන අහුරු එකතු කරන
ඈත දුරක සිත ගෙන යන්නී
වසන්තයට අත වනනා
අවාරයේ පිපි  මල් කැකුලී

වසන් කරන කඳුළු බින්දු
දෑස් පියන් යට සඟවාගෙන
දැහැනට සමවැදි තුන හිතම
අහේතුකවම සසල කල
හීන කුමරී නුඹ නොවේද

දැවෙන සිතට සිසිල රැගෙ
ඇදහැලෙනා තුහින වැස්ස
 අඳුරු අහස් කුස එලිය
දිලෙන සරත් සඳට
හීන කුමරි නුඹ දුර නොවෙද

No comments:

Post a Comment