Sunday 20 May 2012

මිනිස්සු

යබරු  වලටත්  වඩා  බරැති
ඩහදිය බිඳු
පාවෙන  රුපියලට විකිනෙද්දී
නිහඬව සිටින

කරදිය වළල්ලට  ජීවිතය
උගස්කොට
රුදුරු රළ මත  පෙරලි කරමින්
ඉසුරු සොයන

කාස්ටක පොලවට පෙම්බැඳ
අටුකොටු පුරවා
රිදීකාසියට  කහවනු
විකුණන

උපන් බිමට  තඹයක්
ණය නැතත්
ලොවටම  ණය වුනු
මිනිස්සු

No comments:

Post a Comment