Thursday 10 May 2012

ගිණුම

කලකිරුණු ජීවිත තෙම දිනක්
ඉරණම් බැංකුවට ගොස්
අයදුම්පතක් පිරවීය
සදහටම වසා දමන්නට
අක්‍රීයව පැවති කරුම ගිණුම.

හැඟීම් වියුක්තවම මැනේජර
පැවසීය ජීවිත තෙමට,
පියවිය යුතු බව ණය ගිණුම
හැකි ඉක්මනින්ම
පොලිය හා දඩයද සමඟ

වික්ෂිප්තව ජීවිත තෙම
රැගෙන ගිණුම් විස්තරය
ආරෝහණවත්  අවරෝහනවත්
පෙළගැස්වීය මතක අනුපිලිවෙල
නොගත් ණයට හේතුව සොයා

ශේෂය ශුන්‍ය වුනු උපතින් ගෙනා
කරුම ගිණුම
වැල් පොලී ක්‍රමයට පිරී තිබුණි
නන්නාඳුනන උන් ගත්
ණය වලින්

2 comments:

  1. හිතට දැනිච්ච කවක්

    අපිටත් අයිති නැති ජීවිතේ ඇති කරන්නවත් නැතිකරන්නවත් අපිට අපිට බෑ.. දුක සතුට මැද ගලාගෙන යන්ට ඉඩ දෙන්න.. කවදා හෝ නිම්තෙරක් දකින තෙක්

    ReplyDelete
  2. ස්තුතියි මීයෝ

    ReplyDelete