Friday 1 June 2012

පුංචි දුවේ

පිනකට ලැබුනට වැඩි අග හිගකම් වලට
පුංචි දෝනි දුරු රටකට අපි දැන් දුන්න
ඒරොප්පෙන් ආපසු විත්  අපිව බලන්න
වැටෙන කඳුළු දුකටද සතුටටද කියන්න

සට පට ගා ඉංගිරීසි කතා කරකර
මොන මොනවද කීවා තේරුනේ නෑ මට
මන්දන්නා සිංහල නුඹ නොදන්න කමට
මොනවකරන්නද දෝණියේ පෙර කල පවට

රෑ නින්දේදී දුටු සුව සිහිනයක් විලසට
අප තනිකර නැව් නැග නුඹ ගියත් එතෙරට
විසිවසරක් අපි උහුලපු හිතේ ගින්දර
නිවා යන්න ආවට පින් සිදුවෙයි නුඹට

No comments:

Post a Comment