Friday 1 June 2012

නික්මයාම

විශ්වාසයේ අත්තිවාරම මත
ඉදි කලෙමි  මන්දිරයක්.
මනාකොට  සවි ශක්තියත්,
අලංකෘත වූ ලිය  කමිනුත්
වර්ණවත්  වූ මල් කමිනුත්
හැඩ කලෙමි  එය.
එහෙත්
නොදැන උන්නෙමි,

අවිශ්වාසය නමැති වේයා
හොර රහසේම අත්තිවාරම
ටිකෙන් ටික,ගලින් ගල
විනාශ කල බව,
දැන් ඉතින් කවර ඵලක්ද
පාදමකින් තොර මන්දිරයකින්,
එබැවින්
අබිනික්මන් කරමි මැඳුරෙන්
රිසි සේ  කඩා හැලෙන්නට
ඉඩදී

2 comments: