Friday 1 June 2012

මනමේ



මේ සියුමැලි සුකුමාර
රජ කුමරුවාට වඩා,
මොනතරම් හැඩි දැඩිද මේ වැදි රජා
අහා, මොනතරම් අගනේද
ශක්තිමත් මස් පිඩු,
මුහුණේ උතුරන තේජස
සලිත වෙනවා සිත.
ලදොත් වෙසෙන්නට ඔහු හා
අගෙයි මට රජ සැපට වඩා
යදඬු වැනි දෑත් වල සිරවෙන්නට,
තුනුයහනේ සතපවන්නට,ඇත්නම්,
කොහෙද ......
රාජ උෂ්ණයෙන් මත්වුනු
පියාණන් කල හදිය මට,
යස අපූරු කුමාරවරු අතරේ සිටි
සෝමාරිම කුමාරයාට
මා සරණ කර දුන් හැටි,
චිහ් ............!
මෙයයි සුදුසුම අවස්තාව
මේ මරාලයෙන් ගැලවෙන්නට

No comments:

Post a Comment