Friday 1 June 2012

නීතියේ දෙවඟනට

දෑස් වසාගත් කඩතුරාව හැර
දෙනෙත් යොමුකරනු මැනවි
සාධාරණත්වයේ තුලාව දෙසට.
දේවතාවියනි, කුමක් වුනිද
පෙර පැවතිසමබරතාවයට....?

ගොරකා දඩමස් වෙනකොට,
කබරගොයා තලගොයා වී
ඇස්පනාපිට ගොදුරු වෙද්දී
කඩතුරාව නිසා නොපෙනුනාට
යාන්තමින්වත් නෑසුනිද නුඹට..?

කෙහෙල්කැනක් පොල්ගෙඩියක්
සොරකම්කල  අසරණයෙක්
මහඋළුගෙදර බෝඩින් වෙද්දී
ග්ලූකෝස් විලසින් මත විකුණන
තෝරු මෝරු නිදහසේ සරන්නේ ඇයි..?

දේවතාවියේ,කියාදියන් මට
ඇස්ස ලොකු දැලෙන් ලොකු උන්
නිදහසේ ඔබ මොබ සරද්දී
පොඩි මාළු විතරක් පැටලෙන
අරුම පුදුම හේතුව විතරක්වත්.

No comments:

Post a Comment